බස්නාහිර පලාතේ තිබෙන සුන්දර ගමක්වන බැලුම්මහර ගම්මානයේ පිහිටි මගේ පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 11න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.
දරුවාගේ සැඟවුණු විභව්‍යතා ඔපවත් කෙරෙන ශාස්ත්‍රියේ අධ්‍යාපනයක් තුළින් අභිමානවත් , ගෞරවනීය , සදාචාරාත්මක , පරිසර සංවේදය සමාජයක් උදෙසා පුරවැසියන් තැනීම.
විනයගරුක වූද, අවිහිංසාවාදී වූද, නිසි වදන් තෙපලන දෙගුරු වැඩිහිටියන්ට බුහුමන් දක්වන පොදු දේපල හා පරිසරය සුරකින මනා සෞඛ්‍ය පුරුදු ඇති ඉගෙනීමට ඉගෙන ගන්නා සමගියෙන් බැඳුණු උදාර පෞරුෂයකින් හෙබි මිනිසත්කම හඳුනන මිනිසෙකු දේශයට උරුම කර දීම සිරි රහල් කනිටු විදුහල් මාතාවගේ මෙහෙවර යි.