ශ්‍රී රාහුල විද්‍යාලය

පාසලේ ඉතිහාසය

කුමාරණායක ගුරු පියාණාන් උපහාරය

photo 1.jpg
photo 1.jpg

ශ්‍රී රාහුල කනිටු විදුහල් මාතාවගේ ඉතිහාසය


1922 දී මුදුන්ගොඩ බැලුම්මහර ජයසුමනාරාම විහාරස්ථ ධර්මශාලාවේදී එම විහාරයෙහි වැඩ විසූ අමරපුර සද්ධම්මයුකතික නිකායේ මහානායක ධූරන්දර පළඹුරේ ශ්‍රී ඥාණාලංකාර මාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ විය. එවකට විදුහල්පති ධූරය හෙබවූයේ එස්.එස්.සෝමසිරි මහතා ය. එවකට පැවති පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාසලක් වශයෙන් ඇරඹුණු මෙම කනිටු විදුහලෙහි ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 25 ක් වූ අතර ගුරුවරුන් වූයේ දෙදෙනෙක් පමණි.වසර කිහිපයක් ගතවන විට ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම හේතු කොටගෙන වෙනත් ස්ථානයක් සොයා යාමේ අවශ්‍යතාවය මතුව ඇත. ත්‍යාගශීලී කේ.ප්‍රනාන්දු මහත්මිය හා එන්. ඩී.අගිලිස් මුදලාලි මහතා ඔවුනට අයත් අක්කරයක් පමණ වූ මිල්ගහවත්ත ඉඩම මේ සඳහා පරිත්‍යාග කරන ලදී.එම ප්‍රදේශයෙහි ප්‍රභූවරුන්ගේ මූලිකත්වයෙන් 50 * 20 පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් තනවන ලදී.
1933 වර්ෂයේ මැයි මස පහළොස්වන දින මුල්ගල තැබීම ශ්‍රී ඥාණාලංකාර හිමි අතින් ද විවෘත කිරීම කීර්තිමත් ජනනායක සර් ඩී.බී.ජයතිලක මැතිදුන් අතින් ද සිදුවිය.1934 වර්ෂයේ දී රජයට පවරා ගනු ලැබූ මෙම පාසලෙහි 1935 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 170 ක් විය.1938 දී ශිෂ්‍ය සංඛ්‍යාව 180 ව දක්වාත් 1942 දී 190 දක්වාත් 1944 දී 215 ක් දක්වාත් වර්ධනය වූ මෙම පාසලෙහි 1943 වන විට නව වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ විය. ඒ අනුව ඉන්පසු ක්‍රමයෙන් අ.පො.ස ( සා.පෙළ )දක්වා පන්ති ආරම්භ විය. 1945 වර්ෂය වන විට මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව 600 කට අධික විය.
එස්.එස්.ගණේපොළ විදුහල්පතිතුමන්ගේ ධූර කාලයේ දී එනම් 1955 වර්ෂයේ සිට 1970 කාලය දක්වා වූ කාලයෙහි දී මෙම පාසලෙහි විශාල දියුණුවක් ඇති වූ බව ගම්වාසින් විශ්වාස කරයි.100 * 20 කාර්යාල ගොඩනැගිල්ලද පිට්ටනියද සකස් කිරීම සිදුකරන ලද්දේ මෙම කාලය අතරතුර දී ය. එච්.ඒ.ඩී.ජයරත්න මහතාගේ ධූර කාලය තුළ නම් වර්ෂ 1970 සිට වර්ෂ 1978 දක්වා වූ කාලය තුළ පාසල් විද්‍යාගාරය තැනීම පාසල් වත්, වැට මායිම් සකස් කිරීම මෙන්ම ජල පහසුකම් ලබා ගැනීම ද සිදුකර ඇත. එල්.ඩී.එම්.ප්‍රේමසිරි මහතාගේ ධූර කාලය තුළ එනම් වර්ෂ 1979 සිට 1982 දක්වා වූ කාලය තුළ අධ්‍යාපනික කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ලදී.
ඩබ්.කොලොන්නෙ මයා වර්ෂ 1982 ත් වර්ෂ 1984 ත් අතර කාලය තුළ සිසුන්ගේ ඇඳුම ක්‍රමානුකූල ව නිළ ඇඳුමක් ලෙස සකස් කරන ලදී. එමෙන්ම හොඳ විනයන් ද ඇති කරන ලදී.ජේ.ඒ.සිරිසේන ජයකොඩි මහතාගේ ධූර කාලය තුල එනම් වර්ෂ 1984 ත් 1992 ත් අතර කාලය තුළ දර්ශනීය බුදු මැදුරක් තැන වුණි. ළිඳ අලුත්වැඩියා කිරීම ද පාසල් ගීතය සකස් කිරීම ද මෙකල සිදුවිය. මෙතුමා හදිසි හෘදයාබාධයකින් මිය ගියේය.
ඉන්පසු 1992 ත් 1996 ත් අතර කාලය තුළ විද්‍යාලයෙහි යම්කිසි පසුබෑමක් දක්නට ලැබුණත් ඉන්පසු 1997 දී එච්.පී.එම්.එන්. පතිරත්න මියගේ ධූර කාලය ඇරඹීමත් සමඟ ම පාසැල තුළ මිත්‍රශීලී වාතාවරණයක් ගොඩනැගී රජයේ ප්‍රතිපාදන නොමැතිව දෙමාපියන්ගේ සහයෝගයෙන් පහත සඳහන් කාර්යයන් ඉටු කර ගැනීමට හැකි විය.


- නැටුම් කාමරය තැනීම
- ගේට්ටුව දැමීම
- ඔසු උයන නිර්මාණය කිරීම
- ගොඩනැගිලි දැල්වලින් ආවරණය කිරීම
- ජල සැපයුම අලුත්වැඩියාව
- කෘෂිකර්මාන්ත කටයුතු වැඩිදියුණු වීම
- සියලු ගොඩනැගිලි අලුත්වැඩියාව
- පරිසරය අලංකාර කිරීම
- වහලය අඩුපාඩු සකස් කිරීම

එසේම රජයෙහි අනුග්‍රහයට යටතෙහි එක වසරෙහි සිට පහ වසර දක්වා පන්ති කාමර අලුත් වැඩියාව සිදුවිය. අංගසම්පූර්ණ පුස්තකාලයක් ද ලෝක බැංකු ආධාරා යටතේ ගොඩනැගීම මෙකල සිදුවිය. සිසු විනය ගොඩනැගීම සඳහා විනය නීති රීති මාලාවක් ආචාර ධර්ම පද්ධතියක් නිසි වචන භාවිත කිරීමේ හුරුවක් පරිසර සංරක්ෂණ ආකල්ප මෙන්ම යහජීවන සෞඛ්‍ය පැවැත්ම සඳහා ව්‍යාපෘති ද දියත් කරන ලදී. අධ්‍යාපනික සංවර්ධනය සඳහා ගුරුවරුන්ගේ කැපවීම උපරිම මට්ටමට ගෙන ඒමත් ක්‍රියාකාරකම් හා වගකීම් පැවැරීමත් වසරෙන් වසර ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමටත් කටයුතු කරන ලදී.2013 වර්ෂයේ දී හොංකොං දේශයේ අධ්‍යාපන චාරිකාවකට සහභාගි වීමට ද විදුහල්පතිතුමියට අවස්ථාව හිමි විය.

අනු අංකය

නම

 සිට

දක්වා

01

 එස්.එස්. සෝමසිරි මයා

1933.05.15

1935.09.01

02

කේ.එල්. බර්ටි පෙරේරා මයා

1935.09.01

1939.12.31

03

එම්.පී. තේගිස් සිඤ්ඤො මයා

1940.01.01

1942.12.31

04

එල්.ඩී. ජොකීනු මයා

1943.01.04

1954.11.19

05

අර්.ඩී.ආර්. ප්‍රනාන්දු මයා

1955.01.06

1955.04.29

06

එස්.එස්. ගනේපොල මයා

1955.05.01

1970.06.25

07

එම්.ඒ.ඩී.සේනානායක මයා

1970.06.28

1970.07.15

08

එච්.ඒ.ඩී. ජයරත්න මයා

1970.07.15

1978.02.07

09

ඊ.ජේ.ඩබ්. විතාන මයා

1978.02.07

1979.12.31

10

එල්.ඩී.එම්. ප්‍රේමසිරි මයා

1979.01.01

1982.03.01

11

විල්බඩ් කොලොන්නගේ මයා

1982.04.01

1984.06.01

12

ජේ.ඒ. සිරිසේන මයා

1984.06.01

1992.05.18

13

අර්.එස්.පී. ජයකොඩි මයා

1992.07.09

1996.11.15

14

එච්.පී.එම්.එන්. පතිරත්න මිය

1997.01.16

2005.03.02

15

විජිත ලක්ෂ්මන් විජේසූරිය මය

2005.03.02

2010.06.27

16

ඩබ්.ඒ.ජානක මයා

2010.06.28

2023.09.13

17

සදුන් විජයකුමාර

2023.03.18