විදුහල්පති පණිවිඩය
කේ.එස්.විජයකුමාර
ගෞරවනීය ස්වාමීන් වහන්ස,
ප්‍රිය මහත්මයාණෙනි,මහත්මයනි,
දයාබර දරු දැරියනි,
දිනෙන්දින ඉහල යන ගෝලියකරණයේ නව මංමාවත් සොයා යන වර්තමාන ලොව තුල පාසල් සිසුන් වෙත පිදෙන අනාගත මංපෙත් විවර කිරිමේ එක් විශිෂ්ට පියවරක් ලෙස 'සයිබර් ලොවට පියාපත්'වැඩසටහන අගය කොට සලකමි.
සිසු දරුවන් වෙත පාසල් වෙබ් අඩවියක් සකස් කිරීම ප්‍රායෝගිකව අත්හදා බලමින් සිදු කරනා ලද පුහුණුව වෙතින් ඔවුන් ලබා ගත් දැනුම අනාගත ව්‍යවසායිකයින් නිර්මාණයෙහිලා මහගු පිටුවහලක් වන අතර ,එය දරුවන් අත් හදා බැලීම පාසලේ කටයුතු සදහා පහසුවක් වන බව ගෞරවනීයව සිහිපත් කරමි.එම දැනුම ඇසුරින් එක් එක් පාසලට අනන්‍ය වූ වෙබ් අඩවියක් සකස් කර ගැනීමට දරුවන්ට හැකි වූ අතර නොමිලයේ ලබා දුන් පුහුණුව පිලිබද ස්තූතිය මෙයින් පුද කරමි.
කේ.එස්.විජයකුමාර
විදුහල්පති
ශ්‍රී රාහුල විද්‍යාලය.





